බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW :

අද (04) දිනයේ සිට , වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව අඩු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම පෙන්වාදෙන්නේ,. නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවයි.

නව ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුලූ ගාස්තු අවස්ථා කිහිපයක් අඩුවන්නේ රුපියලකිනි.

ඊට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් 2,3 ආදී වශයෙන් අඩුවන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අද සිට අඩු වේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ , මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ බවයි .

ජුලි මස 01 වනදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5කින් පහළ දමන බව එම කොමිසම මීට පෙර ප්‍රකාශ කළ ද පසුගිය 1 වැනිදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ යෑමත් සමඟ එම තීරණය වෙනස් විය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ නව ඉන්ධන මිල ගැලපුමට අනුව බස් ගාස්තු අඩුකළ හැක්කේ සියයට 0.55ක ප්‍රතිශතයෙන් පමණක් බවයි.

ඒ අනුව, ඉහත සඳහන් පරිදි අද දිනයේ සිට අඩු වූ බස් ගාස්තු අයකිරීම ක්‍රියාත්මක වන බව සඳහන් වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...