තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට රුසියාව පත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින් ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යය නිල වශයෙන් පිළිගත් බව රුසියානු තානාපති දිමිත්‍රි ෂිර්නොව් විසින් නිල වශයෙන් එය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ඊයේ(03)දිනයේදී රුසියානු තානාපති දිමිත්‍රි ෂිර්නොව් හා ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි අතර කාබුල්හි පැවති ද්විපාර්ශවිය සාකච්ජා වලින් අනතුරුව බලශක්තිය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් නගා සිටුවීමටත්, ත්‍රස්තවාදයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ තර්ජනවලට එරෙහිව සටන් කිරීමටත් රුසියාව කාබුල් වෙත සහය දක්වන බව ප්‍රකශ කෙරේ,

මේ සමබන්ධයෙන් ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි එය “ධෛර්ය සම්පන්න” තීරණයක් වන බවත්, ධනාත්මක සබඳතා, අන්‍යෝන්‍ය ගෞරවය සහ ඵලදායී මැදිහත්වීමේ නව අවධියක් සනිටුහන් වන බවත් එය අනෙක් රටවලට ආදර්ශයක් වන බවත්ය.

2021 අගෝස්තු මාසයේදී ඔවුන් නැවත බලයට පත් වූ දා සිට තලේබාන්වරු ජාත්‍යන්තර පිළිගැනීමක් සහ ආයෝජන අපේක්ෂා කර ඇතිමුත්, බටහිර ආන්ඩු සහ මානුෂීය සංවිධාන තලේබාන් රජය, විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා දැඩි සීමාවන් පනවා ඇති ෂරියා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස හෙළා දැක තිබේ.

පසුගිය වසර හතර තුළ තලෙයිබාන්වරු කාන්තාවන්ට ද්විතීයික සහ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීම තහනම් කර ඇති අතර, පිරිමි සහායකයෙකු නොමැතිව තම නිවෙස්වලින් පිටව යා නොහැකි අතර දැඩි ඇඳුම් පැළඳුම් නීතිරීතිවලට යටත් කිරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් 2021 දී ඇෆ්ගනිස්ථානයට දැඩි සම්බාධක පනවන ලදී.

මේවන විට චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්තානය සහ පකිස්ථානය යන රටවල කාබුල්හි නම් කරන ලද තානාපතිවරුන් සිටින මුත්, වසර හතරකට පමණ පෙර ඔවුන් නැවත බලයට පත්වීමෙන් පසු තලේබාන් රජය පිළිගත් එකම රට රුසියාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...