ශ්‍රී ලංකා බැඩිමන්ටන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් දිනය සමරයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 05, කොළඹ LNW:

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය ආරම්භ කර ඇති 1934 ජූලි 05 වන දින ස්මරණය කරමින් සෑම වසරකම ජූලි 05 වනදා ජාත්‍යන්තර බැඩ්මින්ටන් දිනය ලෙස ප්‍රකාශ කොට ඇති අතර ඊට සමගාමීව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය හා කලාපීය සංවර්ධන කමිටුව මඟින් සංවිධානය කරනු ලැබූ “2025 ලෝක බැඩ්මින්ටන් දින පා ගමන”, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින (ජූලි 05) කොළඹ 07, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය.

ලෝක බැඩ්මින්ටන් දිනයට සමගාමීව ලෝකය පුරා රටවල් 212 අද දින මෙවැනි පා ගමන් සංවිධානය කරන අතර මෙම පාගමන අද පෙරවරු 8.00 ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මූලස්ථානය අසලින් ආරම්භ වී, සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය දක්වා ගමන් කර, නිදහස් චතුරශ්‍ර මාර්ගය ඔස්සේ නැවත බැඩ්මින්ටන් ආයතනයේ මූලස්ථානය අසළට පැමිණ නිමාවට පත් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොෂාන් ගුණවර්ධන, හිටපු සභාපති රොහන් ද සිල්වා සහ ‍ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද,පුහුණුකරුවෝ සහ විනිසුරුවො ද,බැඩිමින්ටන් කීඩාව හා බැදුණු තවත් සුවිශේෂී පිරිස් ද සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...