අළුත්ම අරගලය – ඉන්ධන

Date:

ඩොලර් හිගකම හින්ද අපේරටට ගෙන්වන ඉන්ධන නැව්වල ප්‍රමාදයක් තියෙනව කියල අපි පිලිගන්න ඕනෙ. මේවගේ අමාරු වෙලාවකත් අපිට හිගයක්ව පවතින ඉන්ධන වලිනුත් ජාවාරම් කරනවනම් මුන් මනුස්සයො නම් වෙන්න බෑ. අමු තිරිසන්නු කියල තමා අපිට කියන්න වෙන්නෙ. මෙන්න ඒකෙ සාරාංශය ටැංකියෙන් ඉන්ධන අදී.. විකුණයි.. යලි පෝලිමේ.. මහ දවාලේ ජාවාරම්..

පෝලිම නිම නොවෙයි…ඉන්ධනහල්වලින් කැන්වලට ප්‍රෙට්රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝධ රථ හිමියන් තම ත්‍රිරෝධ රථවල තිබෙන ප්‍රෙට්රල් කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා ප්‍රෙට්රල් ලබා ගැනිමේ කූට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමත් සමග පිරිසකට ඉන්ධන ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවෙලා කියල අපිට වාර්තා ලැබෙනව.

ඒවගේම තමා ත්‍රිරෝධ රථවල තිබෙන පෙට්‍රල් නැවත කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා යලි පෝලිමේ සිට පෙට්‍රල් ලබා ගැනිමට පියවර ගැනිමත් එක්ක කඩිනමින් ඉන්ධන හල්වල පෙට්‍රල් නිම විමෙන් බොහෝ පිරිසකට අවශ්‍ය ප්‍රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවෙලා තියෙන කියල රටපුරා ආරංචි ලැබෙමින් පවතිනව. මෙම තත්වයන් ගැන අදහස් දක්වන රථ වාහන හිමියන් කියන්නෙ සමහර ත්‍රිරෝධ රථ හිමියන් මෙසේ ප්‍රෙට්රල් වැඩි පුර ලබා ගෙන වැඩි මිලට විකිනිමේ කූට ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් මෙම තත්වයන් මත බොහෝ පිරිසකට අවශ්‍ය ප්‍රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බව තමා. මෙච්චර කරවටක් ප්‍රශ්ණ තියෙන රටක මිනිස්සුන්ට සහයෝගයෙන් කටයුතු කරන්න බැරි ඇයි කියන එක අපිටත් ප්‍රශ්ණයක්. හරිනම් කරන්න ඕනෙ තියෙන ඉන්ධන පරිස්සමින් පාවිච්චි කරන්න අපි පියවර ගන්න එක මිසක් මේ වගේ තිරිසන් විදියට අවස්ථාවාදීව හැසිරෙන එක නෙමේ. හැබැයි 225 ම හොරුලු.

එතකොට මේව සුපිරි වැඩද? අපි වැදල වගේ ඉල්ලන්නෙ රටේ ප්‍රශ්ණය ටිකක් හරි සමනය වෙනකන් අපි එකාවගේ හිටගමු කියල. අවුරුදු 74 පස්සෙ මිනිස්සු හැටියට සාමකාමීව රට ගැන හිතන්න අපිට අවස්ථාවක් ලැබිල තියෙනව. මතක තියාගන්න ලයිටරෙන් ලිපක් පත්තුකරන්න වගේම ගෙයක් ගිණිතියන්නත් පුළුවන් අපි අපේ ලිප පත්තුකරල අනුන්ගේ ගෙවල් ගිනි තැබීමට තිත තියමු කියන ආදරණීය ඉල්ලීම අපි සමස්ත ජනතාවගෙන්ම ඉල්ලන්නෙ මේකෙන් ගොඩ එන්න විසදුම් පාලකයො ලග වගේම අපි ලගත් තියෙන නිසා.

අපි කවුරුත් ටික කාලයකට කැපවීම් කරොත් අපිට නැගිටින්න පුළුවන් වෙයි.එහෙම නැත්නම්.ඒක අපිටම බාරයි

උපුල් දේවප්‍රිය Facebppk

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...