NPP හිස් වූ පුටුව නිශාන්ත ජයවීරට!

0
729

රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ LNW :

මැතිවරණ කොමිෂන් සභාව විසින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබේ.

ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බව සඳහන් වේ.