සමඟිය මැතිවරණයකට සූදානම් වීමට තීරණයක් ගනී!

Date:

සමඟි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු වීමට තවදුරටත් මන්ත්‍රීවරු නොමැති අතර එලෙස සිටියේ නම් ආණ්ඩුවට එක් වූ අය සමඟම යාමට තිබුණු බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මැදුම බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවට එක්ව ඇමතිකම් ලබා ගත් සමඟියේ මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන අතර නිදහසට කරුණු දක්වන ලෙස ඔවුන්ට දන්වා ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඔවුන් ලබා දෙන පිළිතුරු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණ දීම සඳහා පක්ෂය සූදානම් කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බව මද්දුම බණ්ඩාර මහතා කියා සිටියි.

මේ අතර අද දිනයේදී තවත් රාජ්‍ය අමාත්‍යවරු 40ක් දිවුරුම් දීමට නියමිත බවත් එම ලැයිස්තුවේද සජබ මන්ත්‍රීවරු සිටින බවත් වාර්තා වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...