අධිවේගයේ සහ සුඛෝපභෝගී බස් සේවා ගාස්තු 19.49%කින් ඉහළට!

Date:

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අධිවේගී මාර්ග සහ සුඛෝපභෝගී බස් රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව එම ගාස්තු 19.49%කින් ඉහළ යන බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.

මෙම ගාස්තු සංශෝධනයට අනුව අධිවේගී මාර්ගයේ හා සුඛෝපභෝගී බස් සේවාවේ කොළඹ සිට මාතරට රු.1210ක්,කඩවත සිට ගාල්ලට රු.1000ක්,කොළඹ සිට ඇඹිලිපිටියට රු.1680ක්,කොළඹ සිට වීරකැටිය ට රු.1550ක්,කොළඹ සිට මොණරාගල වෙත රු.2420ක්,මාකුඹුර සිට අක්කරෙයිපත්තුවට රු.3100ක් ලෙස වැඩි වී ඇත.

තවද කොළඹ සිට මහනුවරට රු.457ක්,කොළඹ සිට මාතරට රු.583ක් කොළඹ සිට ගාල්ලට රු.437ක් ලෙස අන්තර පළාත් බස් රථ ගාස්තුවද ඉහළ ගොස් තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...