ඉදිරි දින 6 තුළ ලාෆ්ස් ගෑස් යළිත් වෙළඳපොලට නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එම සමාගමේ සභාපති කේ. එච්. වෑගපිටිය මහතා පවසයි.
ණයවර ලිපි විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බැවින් මෙසේ වෙළඳපොලට ගෑස් නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
පසුගිය දීර්ඝ කාල සීමාවක් තුළ ලාෆ්ස් ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමක් සිදු නොවුණු අතර එම ගෑස් සිලින්ඩර මිලදී ගත් පාරිභෝගිකයින් එයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබිණි.
RN