ගුවන් යානා ඉන්ධනත් සීමා වෙයි – ඉන්ධන තොග තව දින 05 කට විතරයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමද අක්‍රිය වීමේ අවදානමක් මතුව තිබේ. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාට අනුව ඉතිරි වී ඇති ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 කට පමණි.

ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරටට පැමිණෙන ගුවන් යානා ඉන්දියාව, මාලදිවයින, සිංගප්පූරුව ඇතුළු කලාපයේ සෙසු රටවල ගුවන් තොටුපල වෙත යොමු කිරීමට සිදුවන බවයි මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසන්නේ.

මෙම අර්බුදකාරී තත්වය මත ශ්‍රී ලංකාව සමග ගුවන් මෙහෙයුම් සිදු කරන විදෙස් ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් රටවල් වෙත යොමු වීමේ අවදානමක් මතුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...