තාවකාලික තහනමෙන් ඇදුණු අවුල් තව දුරටත් – ශ්‍රී ලංකා රගර් ජාතික ඔලිම්පික් කමිටුව යටතේ ක්‍රියා කරන්නට තිරණය කරයි

Date:

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා රග්බි වෙත පැන වූ තහනම අධිකරණය මඟින් තාවකාලිකව ඉවත් කෙරුණද,එයට ඉදිරියට යාම සඳහා තවමත් ගැටළු මතුවෙමින් ඇත.රගර් පරිපාලනය තහනමට ලක්ව සිටියදී පැවති ජාතික කණ්ඩායම තේරිමේ තරගවලදී තේරීම් කමිටුව තෝරා දුන් කණ්ඩායමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකඟ වුවත්,ඔහු එහිදී කණ්ඩායම්වල දක්ෂතා අනුව නව පුහුණුකරුවෙකුට අවසර ලබා දී නොමැත.ඒ අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හිටපු පුහුණුකරු සමඟ ඉදිරියට යන්නට අනුමැතිය ලබා දුන්නත් මේ වන විට තාවකාලිකව තහනමින් මිදී සිටින ශ්‍රී ලංකා රග්බි තීරණය කර ඇත්තේ නව පුහුණුකරුවෙක් යටතේ සහ හිටපු පුහුණුකරු සහය පුහුණුකරු ලෙස තබාගෙන කටයුතු කරන්නටය.

මුලදී නම් නොකරන ලද පුහුණුකරුවෙක් බැවින් නව පුහුණුකරු පත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම ජාත්‍යන්තර රගර් සම්මේලනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් උපදෙස් ලබා ගන්නා ආකාරයට ජාතික ඔලිම්පික් කමිටුවට කරුණු ඉදිරිපත් කර සිදු කිරීමට ශ්‍රී ලංකා රගර් බලාපොරොත්තු වේ.ජාතික ඔලිම්පික් කමිටුව විරෝධතාවක් ඉදිරිපත් කළොත් නව පුහුණුකරු ලෙස නම් කරන ලද ෆසිල් මරීජා වෙනුවට ශ්‍රී ලංකා රගර් සහය පුහුණුකරු ලෙස නම් කර ඇති නිලූෆර් ඉබ්‍රාහීම් යොදවන බවටද ශ්‍රි’ ලංකා රගර් තීරණය කර ඇත.

මැයි 24 වන දා හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවමින් ශ්‍රි ලංකා රගර් මෙම තීරණයට එළැඹ ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙන්ම ජාත්‍යන්තර ක්‍රිඩ සංගම් ද අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයන්හි ස්වාධිනත්වයට ක්‍රීඩා අමාත්‍යංශය දේශපාලන අධිකාරියේ නායකත්ව තීරණ අනුව යමින් කරන බලපෑම් ගැන නොසතුට පළ කර තිබෙන පරිසරයක ශ්‍රි ලංකා රගර් හී තීරණය ගැන නව ක්‍රීඩා අමාත්‍යවරයා ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇත.

මෙම හදිසි විධායක කමිටු රැස්වීමේදී ජාතික ඔලිම්පික් කමිටුවට දන්වා අගෝස්තු 27 වන දා එහි අධික්ෂණය යටතේ සිය නිලවරණය පැවත්වීමට ද ශ්‍රී ලංකා රගර් තීරණය කර තිබෙන අතර ක්‍රීඩා අමාත්‍යංශය සහ හිටපු අමාත්‍යවරයා විසින් නම් කරන්නට යෙදුණ උසස් කාර්ය සාධන කමිටුව විසින් හිටපු රගර් පුහුණුකරු බෙන් ගෝලින්ග්ස් සත සාමාජික රගර් කණ්ඩායම පුහුණුකිරීමට නුසුදුසු බව දක්වා ඉවත් කිරීම ගැනද විශාල වශයෙන් අවධානය යොමු වී ඇත.එසේ ප්‍රතික්ෂේප කරන ලදගෝලින්ග්ස් අද ෆිජී දූපත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඉදිරිපත් වූ ජාත්‍යන්තර තරඟ තුනකදීම එම කන්ඩායම අවසාන තරගය කරා ගෙන ඇවිත් තිබෙන බවත්,ඉන් අවස්ථා දෙකකදිම සූරතාවය දිනා ගෙන ඇති බවත් මෙහිදී වාර්තා විය.මේ තත්ත්වය සළකා ඔහු හා වත්මන් ශ්‍රී රගර් පරිපාලනය කරන ලද සාකච්ඡාවකදී ෆිජී දූපත් කණ්ඩායම හැර ඒමට නොහැකි වුවත් මාර්ගගතව සූම් තාක්ෂණය ඔස්සේ කණ්ඩායම සහ පුහුණුකරුවන් හමුවිමට කැමත්ත පළ කර ඇති බවද මෙහිදී දැන දැන ගන්නට ලැබිණ.

පුහුණුකරුවන් සම්බන්ධයෙන් උසස් කාර්ය සාධන කමිටුවේ ක්‍රීඩාව ගැන දන්නා පිරිස් ද වත්මන් රගර් තත්ත්වයෙන් බැහැරව තීරණය ගෙන ඇති තත්ත්වයක,ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක දැණුමක් නොමැතිව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රාජය ආයතනික මට්ටමෙන් ශ්‍රී ලංකා රගර් වෙත අනවශ්‍යය බලපෑමක් ඇති කරමින් කණ්ඩායම් පුහුණුකරු තේරීම සඳහා මැදිහත් විම මේ තත්ත්වය යටතේ යළිත් විධායක කමිටුවේ අවධානයට ලක් විය.

එසේම රටේ නැග ආ අයහපත් දේශපාලන කැරැල්ල ඉදිරියේ නවතා දමන ලද නිපොන් ජාතික රගර් සූරතාවයේ සූරයන් හැටියට ලකුණු සටහනේ අවිවාදාත්මක ඉදිරියක් පෙන්නුම් කළ මහනුවර කන්ඩායම නම් කිරීමට තිරණය වූ අතර ඉදිරියේදි ඔවුන්ට ජයග්‍රාහි කුසලාන පිරිනැමීමට ද තීරණය කෙරිණි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...