බහාලුම් සිද්ධිය ගැන අහන්න විමල්වත් CID කැඳවයි!

Date:

කොළඹ LNW:රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) හිටපු අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශ මහතාට පැමිණෙන ලෙසට දන්වා තිබේ.

එම බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් වීරවංශ මහතා පවසා තිබුණේ එම බහාලුම් අයත් වන්නේ එක්තරා පළාතක ආණ්ඩුකාරවරයෙකුට බවයි. ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වීරවංශ මහතාගෙන් කරුණු විමසීමට නියමිත බව සඳහන්.

‘දූෂණය නාස්තිය ගැන කතා කරමින් ආපු මේ කයි පාලනය පහුගිය දවස්වල කන්ටේනර් තුන්සිය ගාණක් ඒ කියන්නේ රතු ලැයිස්තුවේ තියෙන කන්ටේනර් පවා කිසිම පරීක්ෂාවක් නැතිව නිදහස් කරලා තියෙනවා. ආරංචි විදියට එක්තරා පළාතක ආණ්ඩුකාරවයෙකුට අයිති කන්ටේනර්. මේ තුන්සිය විසි ගණන ඇතුළේ මොනවාද තිබුණේ. මොනවාද රට ඇතුළට ආවේ. මත්ද්‍රව්‍යද? රත්තරන්ද? මේක බරපතල ප්‍රශ්නයක්. මහබැංකු වංචාව වගේ ප්‍රශ්නයක්. කන්ටේනර් ඇතුලේ තිබුණේ මොනවාද කියලා අද දෙයියෝවත් දන්නේ නැහැ”

විමල් වීරවංශ මහතා පසුගිය ජනවාරි 29 වැනිදා මාධ්‍ය හමුවකදී එම අදහස් දැක්වීම සිදුකර තිබුණු අතර සමාජ මාධ්‍ය හරහා තමන්ට එල්ල වූ චෝදනාත්මක පළකිරීම් සම්බන්ධයෙන් ජනවාරි 30 වැනිදා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

මීට අමතරව තවත් පාර්ශ්ව කිහිපයක්ම බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...