අරගලයට අගමැතිගෙන් තවත් සහයක් – ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඩිජිටල් ඉඩක් හදයි

Date:

ගාලුමුවදොර ”ගෝඨා ගෝ ගම” අරගලකරුවන් හා සම්බන්ධ වී ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කරමින් ඉදිරි වැඩපිළිවෙල සඳහා තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීමට අගමැතිවරයා විසින් අවස්ථාව සලසා දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා හා සම්බන්ධ විය හැකි නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහායි එම අවස්ථාව උදා කර දී ඇත්තේ.

ඒ අනුව ගෝඨා ගෝ ගම අරගල භූමියේ සිටින ප්‍රජාවට පමණක් නොව වෙනසක් බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට එම වෙබ් අඩවිය ඔස්සේ සිය අදහස් හා යෝජනා රජය වෙත ලබා දිය හැකිය.

ආරම්භයේ පටන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ජන අරගලය සම්බන්ධයෙන් සුභවාදී අදහස් දැරූ අතර එය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවත් ඊට අවශ්‍ය සහය ලබා දීමට රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත් කටයුතු කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...