කොළ ජර්සිය ඉවත් වෙයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 09, කොළඹ LNW:

මෙවර ප්‍රංශ සවාරියේ තෙවන අදියරේ දී ඒ දක්වා කොළ පාට ජර්සිය පැළඳ සිටි ජැස්පර් පිලිප්සන් අනතුරකට භාජනය වී තරගයෙන් ඉවත් වුණා.මේ සම්බන්ධයෙන් විශාල කතාබහක් මේ වන විට ලෝකය පුරා ක්‍රීඩා කේෂ්ත්‍රය තුළ කැළඹිමක් ඇති කර තිබෙනවා.කොළ පාට ජර්සිය ස්ප්‍රින්ට් අවස්ථා සඳහා එකතුවන වැඩිම ලකුණු එකතුවට හිමි කොළපාට ජර්සිය පැළද සිටි පිලිප්සන් ඇද වැටුණේ තනිවම නොවේය.ඒ සමඟ අනතුරට ලක් වූ අය අතර තවත් පාපැදි සූරයන් වන කොකාර්ඩ්, ඩේවිඩ් බැලරිනි, පෝල් පෙන්හෝට් සහ එමිලියන් ජීනයර්ද වූහ.
ඒ අතරින් බ්‍රයන් කොකාර්ඩ් මෙම සිඳුවීමේ වගකිවයුත්තෙකු ලෙස කතාබහට ලක්වන අතර,ඔහු ද ඒ සම්බන්ධයෙන් යම් සමාව අයැදීමක් ද කර තිබිණ.මේ අතර ඒ සම්බන්ධ කාරණය නිසා සිඳුවන යම් යම් මතබේදාත්මක සිඳුවීම් ද,මේ සිඳුවීමට අදාළ කර ගනිමින් සැක සංකා මතුවෙමින් ඇත.


මේ අතර සෙන්ට්-හිලෙයාර් වටරවුමේදී වේදිකාවේ අවසානයට ආසන්නව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පැතිර ගියේය. ඔහු පිහියක් අතැතිව සිටි බවත්, එක් නිලධාරියෙකුට පිහියෙන් ඇනීමට උත්සාහ කළ බවත්, ඔහුගේ ආරක්ෂිත කබාය නිසා ඔහුට තුවාල සිදු නොවූ නමුත් තවත් කකුලකට තුවාල සිදු වූ බවත් ද වාර්තා වී ඇත.


කෙසේ නමුත් සුබ ආරංචියක් ලෙස වාර්තා වන්නේ අනතුරේදී අස්ථි බිඳීම් වලට ලක්වීමෙන් පසු ජැස්පර් පිලිප්සන් ඔහුගේ කරපටි අස්ථිය සහ ඇක්‍රොමියෝක්ලැවිකුලර් සන්ධිය සඳහා සාර්ථක සැත්කමකට භාජනය වී තිබීම සහ ඔහු සුවය ලබමින් සිටින බවය.කෙසේ හෝ පිලිප්සන් මේ අනතුරට මුහුණ දෙන විට සිටියේ ජයග්‍රාහී ස්ථාවරයකය.එය අහිමිවීම කණගාටුවට කරුණකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...