21 අපේ වැඩක්, 21 ගෙනාවෙ නැත්තං අපි ආණ්ඩුවෙ ඉන්නෙ නෑ – නිමල් සිරිපාල

Date:

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්විය. ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ 21 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම ඇමති ධුර බාර ගැනීමේදී ඉදිරිපත් කළ ප්‍රධානතම කොන්දේසියක් බවයි. ඒ අනුව 21 වැනි සංශෝධනය සම්මත කිරීම අනිවාර්ය බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිප ඇමතිවරුන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

21 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ ශ්‍රීලනිපයේ යෝජනාවක් අනුව බවත් ඒ නිසා ශ්‍රීලනිපය ඒ සඳහා දැඩිව පෙනී සිටින බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ දැනට ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධන කෙටුම්පත සඳහා ඉදිරිපත් කළයුතු සංශෝධන පිළිබඳව අද සාකච්ඡා කළ බවයි. අදාල සංශෝධන ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවට එක්ව ඇමති ධුර බාර ගත් ශ්‍රීලනිප සාමාජිකයන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව අද සාකච්ඡා නොකළ බවයි. තවත් පිරිසක් ආණ්ඩුවට එකතු වන බවට වාර්තා පළවන බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද සිරිසේන මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...