බංකොලොත් ආර්ථිකය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

Date:

රටේ වත්මන් ආර්ථිකය පිළිබඳ සත්‍ය තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වේ. මෙම ප්‍රකාශය ජුනි මස 07 වැනිදා සිදු කිරීමට වික්‍රමසිංහ මහතා සූදානමින් සිටී.

රට මුහුණ දී සිටින ආර්ථික තත්වය පිළිබඳව මෙන්ම ජනතාව මුහුණ දෙන අර්බුද සඳහා පිළියම් යෙදීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද අගමැතිවරයා මෙහිදී පැහැදිලි කරනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

මෙම වසර සඳහා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය වෙනුවට අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමටද වික්‍රමසිංහ පාලනය සූදානමින් සිටින අතර ඊට අදාල කරුණු සම්බන්ධයෙන්ද අගමැතිවරයා පැහැදිලි කරනු ඇත.

අන්තර්කාලීන අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමටද තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට සාපේක්ෂව පෞද්ලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දමන ලෙස අයවැය හරහා අගමැතිවරයා ඉල්ලා සිටිනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...