වසර 25ක සිර දඬුවම් නියම වී සිටින හිටපු ඇමති නලින්ට කරුණු කියන්න අවස්ථාවක්!

රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ LNW :

හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා කරුණු දක්වන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළ බව වාර්තා වේ.

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මේ වන විට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම වී සිටින ඔහු, එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා එම අදාළ අභියාචනය ගොනු කර තිබුණි .

සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරයාගේ ඇප ඉල්ලීම අද කැඳවනු ලැබුවේ මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එම අවස්ථාවේදී නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සිය සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට හා දඩ මුදල්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු නලින් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ එම ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...