සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශගෙන් අභියාචනයක්

Date:

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට අද වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කෙරිණි. තමාට ලැබුණු තීන්දුවට එරෙහිව වීරවංශ මහත්මිය මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබෙනවා.

අභියාචනයක් ගොනුකර තිබීම හේතුවෙන් වීරවංශ මහත්මිය ඇපමත මුදා හරින්නැයි ඇයගේ නීතිඥවරුන් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවේ ඉල්ලා සිටි අතර අදාල ඉල්ලීම සලකා බැලීම මැයි 30 වැනිදා දක්වා කල්තබා තිබෙනවා.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලබාගත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නිය කෙරිණි.

යහපාලන රජය සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...