නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන මානව හිමිකම් කොමිසමෙන් අවධාරණාත්මක නිවේදනයක්!

Date:

කොළඹ LNW:තම කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරිමට සියලු දෙනා බැදී සිටින හෙයින් නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ඒ පිළිබඳව සියලුම අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරිමටද මානව හිමිකම් කොමිසම පියවර ගෙන තිබේ.

එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභා පනතේ නිර්දේශයේ සඳහන් කාලය තුළ එම නිර්දේශ බලාත්මක කිරීම පිණිස එම තැනැත්තන් විසින් ගන්නා හෝ ගැනිමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව දැනුවත් කළ යුතු අතර කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කිරිමෙන් පසු එම නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරින් හා ආයතන ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් නිර්දේශ ක්‍රියාත්මත කර නොමැති බවයි.

එම කරුණු පදනම් කරගනිමින් , කොමිෂන් සභා පනත අනුව දෙනු ලබන නිර්දේශ සඳහා නැවත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් අභියාචනා යොමු කිරීම හේතුවෙන් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

එම නිර්දේශ ක්‍රියා නොකරන්නේනම් ඊට එරෙහිව කොමිෂන් සභාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ නිලධාරියා හෝ ආයතන වගකීම භාරගත යුතු බවද ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...