වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප !

Date:

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වේ.

ඇය විසින්, ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන් වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට පසුගිය දා එලෙස අත්අඩංගුවට ගැණුනි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඒ අනුව සැකකාරිය රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ බව සඳහන් වේ.

ඇයට විදේශ ගමන් තහනම් කිරීමක් සහ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලු වීමද තහනම් කරමින් නියෝගක්ද නිකුත් කල බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...