විදෙස් කතුන් 10 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ වැටලීමකදී, කොළඹ, කොල්ලු‍පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනයක නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටිමින් සේවය කළ විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම කාන්තාවන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ තිබූ අතර, ඔවුන් අතර සිටි කාන්තාවන් සිව් දෙනෙකුගේ සංචාරක වීසා කාලය ද මේ වන විට ඉක්මවා ගොස් තිබෙන බවද පැවසේ.ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ. එලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 25ත් 39ත් අතර පසුවන බවයි .

ඔවුන්ගෙන් 06 දෙනෙකු තායිලන්ත ජාතික කාන්තාවන් වන අතර 03 දෙනෙකු වියට්නාම් ජාතිකයින් සහ එක් කාන්තාවන් චීන ජාතික කාන්තාවක්ද වන අතර, අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවන් පිරිස මේ වනවිට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර, මොවුන් කඩිනමින් ඔවුන්ගේ රටවල් වෙත පිටුවහල් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...