Next Sri lanka වැඩසටහනේ ආරම්භය සාර්ථකයි!

Date:

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහනට සමගාමීව තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව 50000ක් පිරිනැමීමට අදාල නිපුණතාව පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ අද (15) දින දිවයිනේ සියළුම ප්‍රදේශීය ලේකම් කාර්යාලවලදී සිදුකරන ලදි.

www.nextsrilanka.lk වෙබ් අඩස්විය ඔස්සේ අද උදෑසන වන විට ඒ සඳහා තරුණ තරුණියන් 15000කට වඩා වැඩි පිරිසක් ලියාපදිංචිව සිටියේය.

අද දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ නිපුනතා දිනට සමගාමීව ඇරඹි මෙම සම්මුඛ පරීක්ෂණ ජුනි 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ සියළුම ප්‍රදේශවල තරුණ තරුණියන් විශාල උනන්දුවකින් මේ සඳහා සහභාගි වන බවයි නිළධාරීන් පවසන්නේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතාගේ සංකල්පයක් අනූව ක්‍රියාත්මක මම වැඩසටහන වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරන ආයතනය යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...