ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යත් දුම්වැටි නැවත ආරෝපණය කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් තොගයක්,කටුනායක ගුවන් තොටුපොළ‍ හරිත මාවත ඔස්සේ පිට කරගෙන යාමට තැත් කිරීම නිසාවෙනි.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, රේගු නිලධාරීන් පැවසුවේ, ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ 03ක් තුළ විවිධ වර්ගයේ දුම්වැටි 40,660ක් සහ විද්‍යත් දුම්වැටි ආරෝපණ ඇසුරුම් 33ක් සොයා ගත් බවයි.

එලෙස සොයා ගත් දුම්වැටි සහ විද්‍යත් දුම්වැටි නැවත ආරෝපණය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වන බවට අනාවරණ වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායිහි ආපන ශාලාවක සේවය කළ, කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බව වැඩිදුර වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...