‘පුටින් ගැන මම කලකිරී සිටිනවා, නමුත් ඉවර නැහැ’ – ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව සිටින බවත්, මෙය තවමත් අවසන් නොවන බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර නිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව පෙන්සිල්වේනියාවේ බට්ලර් හි දී BBCය සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් රුසියානු ජනාධිපතිවරයා තවමත් විශ්වාස කරනවාද යනුවෙන් මාධ්‍යවේදියා කරනු ලැබූ විමසීමකදී ඊට පිළිතුරු වශයෙන් සඳහන් කර තිබිණ.

රුසියාව මෑත දිනවල යුක්රේනයේ නගර වලට එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වේගවත් කර ඇති අතර උතුරු කොරියාව කොන්දේසි විරහිතව යුක්රේනයට එරෙහිව රුසියාවට සහය දක්වන බවට නිවේදනය කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් මේ වන විට යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය ලබා දෙන බවට නිවේදනය කර ඇති අතර ජනාධිපති ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, රුසියාව දින 50ක සටන් විරාම ගිවිසුමකට එකඟ නොවන්නේ නම් දැඩි තීරුබදු පැනවීමට තමා සුදානම් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...