‘ලෝකයේ වයස්ගතම මැරතන් ධාවකයා’ මාර්ග අනතුරකින් මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ වයස්ගතම මැරතන් ධාවකයා වශයෙන් සැලකෙන ෆවුජා සිං ඉන්දියාවේ සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය යනවිට හෙතෙම 114 වියේ පසු වූ අතර නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆර්ඩ් හි ජීවත් වූ ෆවුජා සිං ඊයේ(14)දිනයේදී පන්ජාබ්හි ජලන්දර් අසල ඔහුගේ උපන් ගම්මානය වන බියාස් පින්ඩ් හි මාර්ගයක් තරණය කිරීමට උත්සාහ කිරීමේදී මෝටර් රථයක ගැටී මාරාන්තික තුවාල ලබා ඇත.

ෆවුජා සිං 2000 දී ඔහු දිවීම ආරම්භ කළ අතර, වයස අවුරුදු 89 දී ලන්ඩනයේ ඔහුගේ මංගල මැරතන් තරගය පැය හයක් සහ මිනිත්තු 54 කින් නිම කිරීමෙන් කීර්තියට පත් විය.

ඉන් අනතුරුව ඔහු වයස අවුරුදු 90 ට වැඩි වයස් කාණ්ඩයේ පෙර ලොව හොඳම මැරතන් තරගයෙන් මිනිත්තු 58කින් නිම කළ අතර 2003 ටොරොන්ටෝ වෝටර්ෆ්‍රන්ට් මැරතන් තරගය පැය පහයි මිනිත්තු 40 කින් සම්පූර්ණ කරමින් ඔහුගේ පෞද්ගලික හොඳම තරඟය නිමා කිරීමට සමත් විය.

මිය යන තෙක්ම ඉතා නිරොගීව ගතකළ ෆවුජා සිං සිය නිරෝගී බව දෙවියන්ගෙන් ලත් ත්‍යාගයක් බවයි නිරන්තරයෙන්ම විශ්වාස කලේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...