ඔස්ට්‍රේලියාවේ මැද පෙළ තරගය වෙනස් කරයි – සොනාල්ගෙන් තුන් ඉරියව් දක්ෂතා

Date:

නිශ්මං රණසිංහ ජූලි 16, කොළඹ LNW:

ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම අතර පැවත්වෙන පළමු සිව්දින තරගයේ තෙවන දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව ගෞරවණීය සහ ජයග්‍රහණය අපේක්ෂා කළ හැකි මට්ටමක පසුවෙයි.ශ්‍රී ලංකාව සිය පළමු ඉණිමට රැස් කළ ලකුණු 272 හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාවට කඩුලු 5 ක් ම ලකුණු 241 ට අහිමිව තිබියදී,අංක හය,හත සහ අංක අට යන ස්ථානවල පිතිකරුවන් මැද පෙළ වගකීම නිසියාකාරව ඉටු කරමින් ඔස්ට්‍රේලියා ඒ ඉණිම ලකුණු 486 දක්වා ගෙන යාමට සමත් වුණා

ලියම් ස්කොට් (94),ජොස් පිලිප්ස් (85) සහ මිචෙල් පෙරී (61) පිළිවෙලින් අංක හය,අංක හත සහ අට පිතිකරුවන් ලෙස ලකුණු එකතු කළ අතර ඒ අතරින් ලියම් ස්කොට් සහ පිලිප්ස් අතර හය වන කඩුල්ලට පැවත්වුණ් සබඳතාවය ලකුණු 98 ක් විය.ශ්‍රී ලංකාවට මැදපෙළ ශක්තිමත් කිරීමට සිටියේ සොනාල් දිනූෂ පමණය.සෙසු පිතිකරුවන්ගෙන් සහයෝගයක් නොලැබීස නිසා දිනුෂ නොදැවී ශතකය ලබා ගෙන පන්දුවට පහරදීම සඳහා සහයකයෙකු නොමැතිව අසරණ වූ අතර පන්දු යැවීමේදී ද ශ්‍රී ලංකාවට හොඳම දායකත්වය ලබා දුන්නේ සොනාල් දිනූෂ ය.ඔහු ලකුණු 97 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් විය.
දෙවන ඉණිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව තරගය තෙවන දිනයට අත්හිටුවන විට කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබාගෙන සිටියේය.සිව්වන දිනයට තරගය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකාව ඉණිමක පරාජයට ලක්වීමට ඇති ඉඩත් සමඟය.ලකුණු 165 ක් පිටුපසින් සිටින අතර ශ්‍රී ලංකාව ඊට අමතරව දැනටමත් කඩුල්ලක් අහිමි කර ගෙන ඇත්තේය.වඩාත් වැදගත් 165 ඉලක්කය පසුකර යාමට වඩා හෙට දවස පුරා කඩුලු රැකගෙන සිටීමය.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.
https://bit.ly/40PMsfC

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...