ටිකට් ඉවරයි – අවසර පත් වාහනවලට බබාපුල්ලේ මාවත විවෘතයි

නිශ්මං රණසිංහ ජූලි 16, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ආර් ප්‍රේමදාස පිටියේ අද පැවත්වෙන විස්සයි විස්ස තරගය සඳහා ද සියළුම ප්‍රවේශපත්‍ර විකිණි අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටිනවා.මෙම තරගාවලියේ විස්සයි විස්ස තරග තුන සඳහාම නියමිත දිනට පෙර ප්‍රවේශපත් විකිණි අවසන් වීම විශේෂත්වයක් ලෙස ගත හැකියි.


ඒ නිසා අද දවසේ තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ගන්නා ස්ථානවලට පිවිසී ඔබේ කාලය අපතේ යවා ගත යුතු නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටිනවා.එසේම ප්‍රවේශපත්‍ර සමඟ වාහන බලපත් ලබා ගත් අයට වෛද්‍ය බබාපුල්ලේ මාවත ඔස්සේ සිය වාහන ඇතුළත් කිරීමට අවස්ථාව ලැබෙනවා.එසේ ඇතුළත් කරන වාහනවලට කාර් පාස් හි නිශ්චිතව දක්වා ඇති පරිදි ඇපල්වත්ත, කෝවිල් පාරේ හෝ ක්‍රීඩාංගනය තුළ නම් කරන ලද වාහන නැවැත්වීමේ ප්‍රදේශ භාවිතා කළ හැකිය.


එසේම අද දින ක්‍රියාත්මක විශේෂ මාර්ග සැළසුම් අනුව ඛෙත්තාරාම හන්දියේ සිට ක්‍රීඩාංගනය දක්වා මාර්ගය සවස 4:00 සිට වාහන සඳහා වසා දමනු ලබනවා.තරගය පස්වරු 7.00 ආරම්භ වුව ද,පස්වරු 4.30 සිට තදබදය ඇතිවීම වැළක්වීමට සහ ආරක්ෂක කටයුතුවල පහසුව පිණිස ක්‍රීඩාංගණයට ඇතුළත්වීම සඳහා වන දොරටු විවර කර තබන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටිනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...