අනුරාධපුර බන්ධනාගාරය අලුත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 16 කොළඹ LNW :

අනුරාධපුර නව බන්ධනාගාර අධිකාරිවරයා ලෙස ඩබ්. ප්‍රසාද් ප්‍රේමතිලක මහතා පත් කර තිබෙන බව වාර්තා වේ.

පසුගියදා ඩබ්. ප්‍රසාද් ප්‍රේමතිලක මහතා අනුරාධපුර නව බන්ධනාගාර අධිකාරිවරයා ලෙස වැඩභාර ගනු ලැබූ අතර, අනුරාධපුර නව බන්ධනාගාර අධිකාරිවරයා ලෙස උසස් වීමක් ලැබීමට පෙර ඩබ්. ප්‍රසාද් ප්‍රේමතිලක මහතා රාජකාරි කළේ ශ්‍රි ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙසයි.

කලක් වැලිකඩ, පල්ලේකැලේ සහ අනුරාධපුර යන බන්ධනාගාරවල ප්‍රධාන ජේලර්වරයා ලෙස රාජකාරි කර ඇති ප්‍රසාද් ප්‍රේමතිලක මහතා බුද්ධි සේවාව පිළිබදව හසල දැනුමක් මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු තුළ අත්දැකීම් රැසක් ඇති කීර්තිමත් බන්ධනාගාර නිලධාරියෙකු වේ.

ඩබ්. ප්‍රසාද් ප්‍රේමතිලක මහතා අනුරාධපුර නව බන්ධනාගාර අධිකාරිවරය ලෙස පත් කළේ සිරකරුවෙකු නීතියට පටහැනි අයුරින් ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමට අදාළ ලිපියක් අනුරාධපුර මහාධිකරණයට යොමු කිරීමේ සිද්ධියක් පදනම් කර ගෙන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ලෙස රාජකාරි කළ මොහාන් කරුණාරත්න මහත අනිවාර්ය නිවාඩු යැවීම නිසා ඇති වූ පුරප්පාඩුව හේතුවෙනි .

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ලෙස රාජකාරි කල මොහාන් කරුණරත්න මහතා අනිවාර්ය නිවාඩු යවනු ලැබුවේ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන බන්ධනගාර ගත කිරීමෙන් අනතුරුවයි.

අනිවාර්ය නිවාඩු යවා සිටින අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරි මෙහාන් කරුණාරත්න මහතා දැනට සිටින්නේ අධිකරණය මගින් නියම කළ දැඩි ඇප කොන්දේසි මතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...

” කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ඡායාරූප බිඳක්” දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වනදා..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW : පොතක වරුණ... කෘතිම බුද්ධිය...