ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් වෙළද සේවා ක්‍රිකට් සංගමයට තිස් එක් ලක්ෂයක සුදු පන්දු

Date:

නිශ්මං රණසිංහ ජූලි 18, කොළඹ LNW:

වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් පවත්වන සුපිරි පළමු පෙළ වෙළද සේවා සුපර් ප්‍රිමියර් තරගාවලිය,පළමු පෙළ ප්‍රිමියර් තරගාවලිය සහ සී කාණ්ඩයේ ලීග් තරගාවලිය යන තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදු පන්දු පිරිනැමීම සඳහා වන එකඟතාවය සටහන් කිරීම වෙළද සේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේ දී සිදු වුණා.එම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලෙක්ම් බන්දුල දිසානායක ප්‍රකාශ කළේ පිරිනමනු ලබන ග්‍රේස් කැවිලියර් (GRACE CAVALLIER) පන්දුවක් රුපියල් 5000 ක් පමණ වන බවයි.ඒ අනුව මෙම තරගාවලි තුන සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සුදු පන්දු වෙනුවෙන් දක්වන අනුග්‍රහය පන්දු 622 ක් සඳහා රුපියල් තිස් එක් ලක්ෂ දස දහසකි.


වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විටත් වෙළද සේවා ක්‍රිකට් සංගමය සමඟ ක්‍රියාකාරිව සිටින වෙළද සේවා ආයතන 160 ක් පමණ සිටින බවය.එසේම ගෙවුණු කාලයන්හී ආර්ථිකය යම් ආකාරයකින් සංකෝචනය වීමේ ප්‍රතිපලයක් හැටියට වෙළද සේවා ක්‍රිකට් සාමාජිකත්වයේ සිටිය ද ඇතැම් ආයතන මට්ටමෙන් ක්‍රිකට් කණ්ඩායම් ඉදිරිපත් නොවන ආර්ථිකමය ගැටළු ද දකින්නට ඇති බව ඔහු පෙන්වා දුන්නේය.


ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැඟීම ගැන විමසා බලදදී වෙළද සේවා ක්‍රිකට් ඊට දක්වා ඇති දායකත්වය සුළු කොට සැළකිය නොහැකිය.දනටත් ඇතැම් වෙළද ආයතන ක්‍රිකට් කණ්ඩායම් නඩත්තු කිරීමට අතර ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රීකට් අනුග්‍රහයන්ද ලබා දෙන අතර ඩතිහාසයේ මෙන්ම වර්ථමානයේ ද වෙළද සේවා ආයතන වෙනුවෙන් ජාතික මට්ටමේ ක්‍රිඩකයින් ක්‍රීඩා කිරීම සුලබ දසුනක්ය.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු අනුග්‍රහය දක්වන මේ තරගාවලියේ දී ද ජාතික මට්ටමේ ක්‍රීඩකයින් විශාල පිරිසක් තරග වඳින අතර ඒ නිසා ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීමෙන් මැදිහත්වීමක් ලෙස මේ අනුග්‍රහය හැඳින්විය හැකිය.


ශ්‍රී ලංකා ක්‍රිකට් බන්දුල දිසානායක මෙන්ම වෙළද සේවා සභාපති මහේෂ් ද අල්විස් කළ ප්‍රකාශයන්ට අනුව මේ මොහොතේ මේ පන්දු අනුග්‍රහය ප්‍රසිද්ධ කළ ද එය 2017 සිට සිඳුවන ක්‍රියාවකි.නිහඩවම මේ වගකීමට උර දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්, වෙළද සේවා ක්‍රිකට් හරහා ජාතික මට්ටමට වැඳගත් ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමේ ආර්ථිකමය පසුබිම සකස් කිරීමට දරන කැපවීම ගැන අවබෝධයෙන් යුතුව එහි ඇති තවත් අවශ්‍යයතාවයන් වුව සළකා බලන බව බන්දුල දිසානායකයන් පැවසීම අගය කළ යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...