දාරණිපාත වර්ෂාව පාකිස්තානයේ පංජාප් ගිල ගනී!

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පාකිස්තානයේ පංජාප් පළාතට බලපෑ දාරණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙන අතර, තවත් පුද්ගලයින් 290 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ දියේ ගිලීම හෝ විදුලි සැර වැදීම හේතුවෙන් අදාළ මරණ වාර්තා වී ඇති බවයි. තුවාල ලැබූවන් අතරින් වැඩි දෙනෙකු ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් තුවාල ලැබූවන් බවද එම අධිකාරිය පවසා තිබේ.

ගං වතුර තත්ත්වය හේතුවෙන් පංජාප් කලාපයේ අධිවේගී මාර්ග කිහිපයක් වසාදමා ඇති අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඉකුත් ජූනි මස අග භාගයේදී මෝසම් වැසි ආරම්භ වීමෙන් පසු මේ දක්වා කාලය තුළ පාකිස්තානයෙන් ආපදා මරණ 180ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් අඩකට වඩා ළමුන් වන බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...