දාරණිපාත වර්ෂාව පාකිස්තානයේ පංජාප් ගිල ගනී!

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පාකිස්තානයේ පංජාප් පළාතට බලපෑ දාරණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙන අතර, තවත් පුද්ගලයින් 290 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ දියේ ගිලීම හෝ විදුලි සැර වැදීම හේතුවෙන් අදාළ මරණ වාර්තා වී ඇති බවයි. තුවාල ලැබූවන් අතරින් වැඩි දෙනෙකු ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් තුවාල ලැබූවන් බවද එම අධිකාරිය පවසා තිබේ.

ගං වතුර තත්ත්වය හේතුවෙන් පංජාප් කලාපයේ අධිවේගී මාර්ග කිහිපයක් වසාදමා ඇති අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඉකුත් ජූනි මස අග භාගයේදී මෝසම් වැසි ආරම්භ වීමෙන් පසු මේ දක්වා කාලය තුළ පාකිස්තානයෙන් ආපදා මරණ 180ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් අඩකට වඩා ළමුන් වන බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...