ඉන්දියාව උතුරේ ධීවරයන්ට ඉන්ධන බෙදයි

0
2456

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරතවීමට නොහැකිව අසරණ වී සිටින උතුරේ දූපත්වාසී ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට ඉන්දියාව සූදානම්ව සිටිනවා.

මේ යටතේ කයිට්ස්, නයිනතිව්, ඩෙල්ෆ්ට්, අනලතිව් ඇතුළු දූපත්වල වෙසෙන ධීවරයන් 700 කට වැඩි පිරිසකට ඉන්ධන හිමිවන බවයි වාර්තා වන්නේ. ඒ සඳහා ඉන්දියාව ඉන්ධන ලීටර් 15,000 ක් වෙන්කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ මෙම ඉන්ධන ධීවරයන් වෙත බෙදාහැරීමට නියමිතය.

පසුගිය 28 වැනිදා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් ධීවරයන් පිරිසකට එක් අයෙකුට ලීටර් 20 බැගින් ඉන්ධන ලීටර් 4600 ක් ලබා දී තිබෙනවා.

UN