ඇමරිකානු තානාපතිනිය විදේශ කටයතු ඇමති හමුවට

Date:

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය. ජී එල් පීරිස් මැතිතුමා 2022 මැයි 27 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මැතිනිය හමුවී ද්විපාර්ශ්වික සබඳතා, මෙරට වත්මන් ප්‍රගතිය සහ රට මුහුණ දෙන අභියෝග අවම කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ලබාගැනීම යනාදිය පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වී ය.

ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කරගැනීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට මෙන්ම පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග සොයා බැලීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දක්වන හිතෛශී බව සහ ඔවුන් ලබා දෙන සහය ඉතා අගය කරන බවද මහාචාර්ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. තවද, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග අවම කරගැනීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මාර්ග ඔස්සේ එක්සත් ජනපදය සහ අනෙකුත් රටවලින් ලැබෙන අඛණ්ඩ සහයෝගය දිරිමත් කරන ලෙසද විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීමේ නිදහස පිළිබඳ සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් රටේ නීතියේ සහ සාමයේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට සහ පවත්වාගෙන යාමට රජය දරන ප්‍රයත්න පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජනපද තානාපතිනිය දැනුම්වත් කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සමඟ පැවති සාකච්ඡා පිළිබඳව ද එතුමා තානාපතිනිය දැනුම්වත් කළේ ය. තවද, වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සංහිඳියාව හා සබැඳි ගැටලු විසඳීමට රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බවද එතුමා තානාපති චන්ග් මැතිනිය හමුවේ තහවුරු කළේ ය.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ මිතුරෙකු බවත් රට තුළ පවතින අභියෝග පිළිබඳව එක්සත් ජනපදය මනා අවබෝධයකින් පසුවන බවත් තානාපති චන්ග් මැතිනිය සඳහන් කළා ය. මෙම දුෂ්කර අවස්ථාවේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සිය අඛණ්ඩ සහය පිරිනමන බවද එතුමිය ප්‍රකාශ කළා ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...