කිරිකෝඩු කිරිඇල්ලටත් ලෙඩක් වැටෙන හැඩ!

Date:

කොළඹ LNW: ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයෙන් අක්කර 43ක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මියට නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්රණ පනතින් බැහැරව බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදි අනාවරණ වී තිබේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවු අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.

කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා පැවසුවේ චමින්ද්‍රානි කිරිඇල්ල යන අයට ඉඩම් ලබා දීමට කිසිදු බැදීමක් නොමැති බවයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ලියනගේ මහතා පැවසුවේ,”මේ ඉඩමට අදාළව අක්කර 50 ඉක්මවන ප්‍රකාශකයින් ඉන්නවා 22ක්. ප්‍රකාශකයින් නොවන අය ඉන්නවා 46 දෙනෙක්. මේ කිසි කෙනෙකුට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් මෙතෙක් ඉඩම් බැහැර වීමක් සිදු වෙලා නෑ. ප්‍රකාශකයින් නොවන අයට ඉඩම් බැහැර කිරීමට කිසිම අයිතියක් අපිට නෑ. මොකද ඒ ඉඩම් කොමිසන් සභාවට පැවරෙන්නේ නැති නිසා. ඒ අනුව චමින්ද්‍රානි කිරිඇල්ල කියන කෙනාට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් දෙන්න කිසිදු බැදීමක් නෑ” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...