භාතියගෙන් පාඩම් ඉගෙන ගෙන වන ජිවී සංරක්ෂණය වෙනුවෙන් දැන්වත් ජාතික වැඩපිළිවෙළකට යමු – සජිත් (VIDEO)

Date:

අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ජාතික සැලසුමක් අවශ්‍ය බවත් එයට බහුතරයකගේ එකඟතාවක් ඇති බවත් විපක්ෂයට ඇති මහජන නියෝජනත්ව බලය උපයෝගී කර ගෙන ව්‍යවස්ථාදායක තුළ අලි මිනිස් ගැටුම අවම කිරිමට 2020 නිර්මාණය කළ ජාතික සැලසුම කඩිනමින් ක්‍රියාත්මක කරවීමට රජය උනන්දු කරවන බවත් මෙය ක්‍රියාත්මක කිරීමට බහුවිධ ක්ෂේත්‍ර හා බහුවිධ ආයතන ඒකාබද්ධ කරන වැඩපිළිවෙළකට යා යුතු බවත් මේ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර මේ සැලසුමේ ඇති ප්‍රතිපාදන කාලවකවානු සහිතව කාලසටහන් සහිතව ක්‍රියාත්මක කරවීමට වත්මන් රජය ද උනන්දු කරවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පක්ෂ විපක්ෂ සමස්ත එකමුතුභාවය සහ පොදු හැගීමෙන් යුතුව භාතිය ඇතාගේ ඝාතනය සමඟ පාඩම් ඉගෙන ගත යුතු බවත් මෙය පළමු ඝාතනය නොවන බවත් මීට පෙර ද මෙවැනි ඝාතන සිදුවූ බැවින් තවදුරටත් මේවා අමතක නොකර මේ වැඩපිළිවෙළ මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන්නට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි කාර්ය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වනජිවී සංචාරක කර්මාන්තය හරහා වනජීවීන් සුරකිමු

එසේම මෙම විෂය සම්බන්ධ කර ගෙන පොදු වේදිකාවක් ඇති කර වන සංරක්ෂණය වනජීවීන් ආරක්ෂා කිරීම ගැන ග්‍රාමීය බලප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමත් මේ වනජීවී ක්ෂේත්‍රය උපයෝගී කර ගෙන නිර්මාණාත්මක ආදායම් උත්පාදන වැඩසටහනක් ඇති කළ යුතු බවත් සංචාරක ක්ෂේත්‍රය මුල් කර ගෙන වැඩසටහන් ආරම්භ කළහොත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසාකයන් මේ ක්ෂේත්‍රය හරහා නිර්මාණය කළ හැකි බවත් එවිට වන සංරක්ෂණය ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා මූලික හා ප්‍රජා නායකත්ව වෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් ‘භාතිය’ සිදුවීමකට ඉඩ නොතබමු

තවත් භාතිය සිදුවීමක් ඇති නොවීමට අවශ්‍ය පිළියම් යොදන තැනට රජය උනන්දු කරවීමට මෙම යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බවත් එදිනට වනජීවී ලෝලීන්ද පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා සිටින බවත් දැන්වත් මේවාට පැලැස්තර විසඳුම් ලබා නොදීමට ඉහළම බලපෑම් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය දා වනජිවී ක්ෂේත්‍රයේ සතා සිව්පාවාට ආදරය කරන විශාල පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කර ඇති Citizens Voice (පුරවැසි හඩ) වැඩසටහන යටතේ පැවැති සාකච්ඡාවේ දී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...