වංචා කරපු අය සාක්ෂි, ලේඛනත් වෙනස් කරලා, හංගලා, විකෘති කරලා තියෙන්නෙ. තත්වය ඉතාම බරපතළයි – ඇමති නලින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩාල කරනොගෙන වංචා දූෂණ පිළිබඳ විමර්ශන කටයුතුත් එක ලෙස පවත්වාගෙන යාමට රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“දැන් කාටත් පේනවා මේ මාස හත අට ඇතුළදී අපි කොතරම් වේගයෙන් ඒ කටයුතු කරනවාද කියන එක. මතක තියාගන්න, බොහෝ වංචා සිදුකරපු අය බලයේ ඉඳලා තමයි අපට මේ බලය ලැබුණෙ. වංචා කරපු අය වංචා කළා විතරක් නෙවෙයි, වංචාවට අදාළ සාක්ෂි, ලිපිලේඛනත් එක්කෝ වෙනස් කරලා, හංගලා, විකෘති කරලා තිබෙන්නෙ. ඉතින් ඒවාත් අපි මුල ඉඳලා හොයාගෙන යන්න වෙලා තිබෙනවා. ඒක තමයි සමහර තැන්වල ප්‍රමාදයන් සිදුවෙන්නෙ. නමුත් අපට හැකි උපරිමයෙන් ඒකට අදාළ විමර්ශන සහ නඩු පැවරීමේ ආයතන වේගයෙන් ඉස්සරහට යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටම මේ කටයුතු සිදුකරන්නට. මොකද, රටේ සිදුවෙලා තිබෙන වංචා දූෂණවල තත්වය ඉතාම බරපතළයි. ඉහළ මට්ටමේ ඉඳලා ආයතන දෙපාර්තමේන්තු මට්ටම දක්වා මේ කටයුතු තියෙනවා. රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩාල කරගන්නෙ නැතිව අපි වංචා දූෂණ විමර්ශන ක්‍රියාවලියත් එක ලෙස පවත්වාගෙන යනවා”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...