බන්ධනාගාර ගැන ඇසෙන අලුත්ම කතාව!

Date:

රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :

බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් ගණන පසුගිය 17 වනදා වන විට 33,095ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි පවසන අතර ඒ අනුව, බන්ධනාගාර තදබදය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේයි. එම ගණන 3,557ක් වේ. බන්ධනාගාර ආරංචි පැවසුවේ. එහෙත් එම බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බවයි. රැඳවියන් 625ක් රඳවා තැබිය හැකි කොළඹ මැගසින් බන්ධනාගරයේ මේ වන විට රඳවා සිටින රැඳවියන් ගණන 2,985කි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ද රැඳවියන් 2,426ක් රඳවා සිටින අතර, බන්ධනාගාර ආරංචි පැවසුවේ, එහෙත් එම බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් ගණන 385ක් බවයි.

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ , වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවිය හැකි කාන්තා රැඳවියන් ගණන 220ක් වුවද මේ වන විට කාන්තා රැඳවියන් 561ක් එහි රඳවා සිටින බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...