අපිට අවශ්‍ය වෙන්නේ සියලු අංශයන්ගෙන් දියුණු සමාජයක් ගොඩනගන්න – අගමැති හරිනි

රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින්, සමාජය වටිනාකම් ලබා දෙන්නේ මූල්‍යමය වටිනාකම්වලට පමණක් වුවද ආර්ථික විද්‍යාව හෝ ව්‍යවසායකත්වය මනුෂ්‍යයත්වය හා බද්ධ වන විෂයන් විය යුතු බවත්, සුරැකුම් ආර්ථිකය ඊට නිදසුනක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂයක් ලෙස අන්තර්ගත කර ඇති මුල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවසායකත්වය සඳහා මොඩියුල් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.


ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය සාක්ෂරතාවය සහ අනාගත ගමන් මඟ පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර අදහස් දැක් වූ අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා ක්‍රියාකාරකම් පිලිබඳව කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුතු අබේසේකර මහතා ද අදහස් දැක්වීය.


මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද කීය.


“මේ අපි කරන්න හදන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඔබ සියලු දෙනාගේ සහයෝගය, ආශිර්වාදය තියෙනවා කියන එක අපිට පැහැදිලියි. අධ්‍යාපන අමාත්‍යංශය හැටියට අපිට ඒක විශාල ශක්තියක්, මේ ප්‍රතිසංස්කරණය විෂය මාලාවක් වෙනස් කරනවට එහා ගිය විශාල වැඩක්.
අපිට අවශ්‍ය වෙන්නේ සියලු අංශයන්ගෙන් දියුණු සමාජයක් ගොඩනගන්න. ආර්ථික වශයෙන් පමණක් නෙමෙයි අධ්‍යාත්මික වශයෙනුත්, ගුණධර්මවලිනුත් දියුණුවිය යුතුයි. ධනය කියන්නේ මුදල් විතරක්ම නෙමෙයි.
ඒ අර්ථයෙන් ගත්තම අධ්‍යාපනය තුළ කරන්න හදන පරිවර්තනය අතිශයින්ම වැදගත්.
අද සමාජයේ අපි දකින මේ හොරකම්, දූෂණ, වංචා සිදුකරලා තියෙන්නේ විෂය ගැන දැනුමක් නැති අය නෙමෙයි, හොඳටම දන්න අය තමා මේක කරන්නේ. ඒක නිසා තමයි ඒ ගැන හොයන්න මෙච්චර අමාරු වෙලා තියෙන්නේ. ඒ නිසා මූල්‍ය සාක්ෂරතාව, ව්‍යවසායකත්වයත් මේ සියල්ලම අපි ඉගෙන ගන්න ඕනේ මානුෂීය ගුණධර්ම සමඟ දියුණු ශිෂ්ඨාචාරයක් හැටියටයි. පරිසරයට ආදරය කරන, සමාජයට ආදරය කරන එකිනෙකා ගැන සහ කම්පනයක් තියෙන ව්‍යවසායකයන් අපිට අවශ්‍යයයි”

මූල්‍ය වටිනාකම් සහිත වැඩවල පමණක් කාන්තාවන් යෙදුණහොත් සමාජය මොන තත්වයකට පත්වෙයිද යන්න සිතා බලන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහි දී පැවසීය.


කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා


“මූල්‍ය සාක්ෂරතාව පාසල් අධ්‍යාපනයට ඇතුලත් කිරීම ඉතාම වැදගත් ඒ පිලිබඳ නිසි අවබෝධයක් නොමැති කමින් බොහෝ දෙනා පිරමීඩ වැනි මුල්‍ය වංචාවලට හසු වෙනවා. ඒ නිසා මුල්‍ය සාක්ෂරතාව පිලිබඳ හොද අවබෝධයක් ජනතාව තුළ තිබිය යුතුයි. මුල්‍ය වංචා සිදු කරන්නේ මූල්‍ය පිලිබඳ ඉහළ සාක්ෂරතාවයක් තියන පිරිසයි”


විෂය පිලිබඳ දැනුම වගේම ගුණධර්ම වලින් සමාජය සන්නද්ධ කිරීමෙන් මේ තත්වය පාලනය කරගන්න පුලුවන්. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව, අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු ආයතන නියෝජනය කරන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...