ජනාධිපති ට්‍රම්ප් සිය කීර්තිනාමයට අපහාස කිරීම සම්බන්ධයෙ ඩොලර් බිලියන 10ක වන්දියක් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රූපට් මර්ඩොක්, වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) වාර්තාකරුවන් දෙදෙනෙකු සහ ප්‍රකාශනයේ හිමිකරු වන නිව්ස් කෝප් යන අයට එරෙහිව ද්වේෂසහගත චේතනාවෙන් ක්‍රියා කළ බවත්, ඔහුට අතිමහත් මූල්‍ය හා කීර්ති නාමයට හානියක් සිදු කිරීම හේතුවෙන් ඩොලර් බිලියන 10ක වන්දියක් ඉල්ලා නඩු පවරා ඇත.

ජනාධිපතිවරයාගේ කුප්‍රකට ඉහළ සමාජයේ සමීප හිතවතෙකු වන ලිංගික අපරාධකරුවකු හා මුල්‍ය වංචාකරුවකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති මිත්‍රත්වය හේතුවෙන් කරන ලද ප්‍රක්ෂණයක් මෙයට හේතු වී ඇත.

වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) හිමිකරු වන රූපට් මර්ඩොක් විසින් 2003 දී එප්ස්ටයින්ගේ 50 වන උපන්දින තෑග්ගක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උපන්දිනයට සබපතා යවන ලද බව කියන ලිපියක් ප්‍රකාශයට කිරීම මෙයට හේතු වී තිබේ. මෙම ලිපිය අතින් ලියා කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය වචනයෙන් සඳහන කර ඇති අතර ට්‍රම්ප් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

එප්ස්ටයින් නඩුව වටා වර්ධනය වන අපකීර්තියක් තවදුරටත් පැතිරීම සහ ඔහුට බරපතල දේශපාලන හානියක් සිදු කිරීම වැලක්වීමට මෙම නඩුව ගොනුකල බව ජනාධිපති ට්‍රම්ප් සිය තෘත් මාධ්‍ය ජාලය හරහා සඳහන් කර තිබු අතර ජෙෆ්රි එප්ස්ටයින් 2019 දී නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියදී සියදිවි නසාගත් අතර ජනාධිපති ට්‍රම්ප් සිය මැතිවරණ පොරොන්දුවක් වශයෙන් මෙම ලිපිගොනු නිදහස් කරන බව සිය මැතිවරණ වේදිකාව තුළ සඳහන් කළ නමුත් එක්සත් ජනපද රජය සතුව ඇති සාක්ෂි සමාලෝචනය කිරීමෙන් පසුව, අධිකරණ දෙපාර්තමේන්තුව මෑතකදී තීරණය කළේ තවදුරටත් හෙළිදරව් කිරීම සුදුසු හෝ අවශ්‍ය නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...