පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය තවදුරටත් වසා දැමේ..

රෂිකා හෙන්නායක ජූලි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තවත් මාසයකින් දීර්ඝ කරමින්, ඉන්දීය ගුවන් යානා සඳහා පාකිස්ථානය විසින් සිය ගුවන් අවකාශය වසා දැමීම අගෝස්තු 24 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව ඉන්දියානු ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන, හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් යානාවලට තම ගුවන් අවකාශය භාවිතා කිරීමට අවසර නොමැති බව, පාකිස්ථාන ගුවන්තොටුපළ අධිකාරිය පවසයි.

ඉන්දීය ගුවන් යානා සඳහා පාකිස්ථාන ගුවන් අවකාශයට ඇතුළු වීම පළමු වරට තහනම් කලේ පසුගිය අප්‍රේල් 30 වැනිදායි. ඒ ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, පාකිස්තානයට එරෙහිව ඉන්දීය රජය ගත් පියවරවල කොටසක් ලෙස වන අතර, අප්‍රේල් 22 වැනිදා එල්ල වූ එම ත්‍රස්ථ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...