ඇමරිකන් බදු මත පෞද්ගලික ආයතනවල සේවකයන්ට බලපෑම් කිරීමට ඉඩදෙන්නෙ නෑ – කම්කරු නියෝජ්‍ය ඇමති

රෂිකා හෙන්නායක ජූලි 20 කොළඹ LNW :

ශ්‍රී ලංකාවට අමෙරිකාව විසින් 30%ක බදු පැනවීම ඉලක්ක කර ගනිමින් පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ ඉවත් කිරීමට කිසිදු ආයතනයකට ඉඩ ලබා නොදෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් අදාළ සේවකයන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

අමෙරිකාව විසින් පැනවූ බදු ප්‍රතිශතය තවත් අඩුකර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් දැනටමත් ආරම්භ වී ඇති බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.