නුවනිඳු රැඟෙන ගිය මඟ පවන් සහ සොනාල් ද ශ්‍රී ලංකාව රැඟෙන යයි.

Date:

නිශ්මං රණසිංහ ජූලි 21, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායමට එරෙහිව වැදගත් තැනෙක රැදවීම සඳහා අගනා ශතකයකින් දායක වූ නුවනිදු ප්‍රනාන්දුගේ මඟම යමින් පවන් රත්නායක සහ සොනාල් දිනූෂ ද ශ්‍රී ලංකා පළමු ඉණිම ගෞරවණීය තැනෙක රඳවන්නට සිය උපරිම දායකත්වය ලබා දුන්නේය.පවන් පන්දු 223 න් හතරේ පහර 16 ක් සමඟ ලකුණු 122 ක් රැස් කළේය.සොනාල් දිනූෂ පන්දු 191 ට මුහුණ දී රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 88 ක් විය.වැදගත්ම දේ මොවුන් දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් තබන ලද ලකුණු 270 ක සබඳතාවයයි.මොවුන් දෙදෙනාගෙන් අනතුරුවද කැපී පෙණෙන පිතිහරඹයක නියැලි ශොහාන් ඩි ලිවේරා ශ්‍රී ලංකා ඉණිම කඩුලු 6 ට ලකුණු 485 ක් ව තිබියදී අත් හිටුවන විට නොදැවී ලකුණු 50 රැස් කර ගෙන සිටියේය.


ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම අද දවස නිමාවට පත් කළේ එම ලකණු පූවරුවෙන් ඇති කළ පීඩනයට මුහුණ දීමට සූදානම් බවට ඉඟි සපයමින්ය.දිනය නිමා වන විට ඔවුන් එක් කඩුල්ලක් අහිමිව ලකුණු 76 ක් රැස් කරගෙන සිටියේය.ඔස්ට්‍රේලියාවට දැවී ගිය කඩුල්ල අහිමි කළේ නිශාන් පීරීස් ය.
තරගයේ තෙවන දිකය හෙට ඇරඹීමට නියමිතය.මේ දක්වා තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://bit.ly/4lENMus

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට වෙන්නේ මොකක්ද කියලා දන්නෙත් නැති, දැනෙන්නෙත් නැති සමාජයක් ….

පොදුවේ ගත්තම ලංකාවේ මිනිස්සු ජීවත්වෙන්නෙ අවබොධයකින්, කල්පනාවකින් නෙමේ.. අපේ...

අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍ය කන්ටේනර් දෙක ගැන සත්‍යය තොරතුරු රජය හෙළිදරව් කළ යුතුයි – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය...

නිධන් හෑරීම : කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ ඔහුගේ බිරිඳ ඇතුළු 9 දෙනා යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...