ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී රසරාගෙන් ජාතික වාර්තාවක් – ලක්ෂිමා අවසන් පූර්ව වටයට

Date:

නිශ්මං රණසිංහ ජූලි 22, කොළඹ LNW:

ජර්මනියේ ක්‍රියාත්මක,2025 ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ මීටර් 10000 ජාතික වාර්තාව උසුලන රසාරා විජේසූරිය සිය ශ්‍රී ලංකා වාර්තාව තවත් ඉදරියට ගෙන යන්නට සමත් වුණා.ඇය සතුව තිබුණු විනාඩි 33:21.62 ජාතික වාර්තාව මෙම ක්‍රීඩා උළෙලේදී විනාඩි 32:52.20 දක්වා ඉදරියට ගෙන එන්නට සමත් වුණා.මෙම කාලයට තරගයේ වේගයද යම් ආකාරයකට බලපාන්නට ඇති බව සිතිය හැකියි.ජාත්‍යන්තර මට්ටමේ හොඳම තත්ත්වය නොවුණත් එම ඉසව්ව ජයග්‍රහණය කරන ලද ස්ලොවේකියාවේ ක්ලාරා ලුකාන් එම ඉසව්වේ ක්‍රීඩා උළෙල වාර්තාවට හිමිකම් කීවා.එහිදි ඇය විනාඩි 31:25.84 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.


කැළණිය විශ්ව විද්‍යාලය නියෝජනය කරන රසාරා මෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේම සයුරි ලක්ෂිමා මෙණ්ඩිස් ද මීටර් 400 අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.කාන්තා මීටර් 400 සිව්වන මූලික තරගයේදී ඇය තත්පර 53.75 ක කාලයක් වාර්තා කළ අතර අවසාන පූර්ව වටයට පිවිසි තරගකාරියන් අතර ඇය 15 වන තැන සිටිනවා.අද එම ඉසව්වේ අවසන් පූර්ව තරග සඳහා සහභාගිවීමට සයුරි සූදානමින් සිටිනවා.
මෙම දෙදෙනාම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති සහ නියෝජනය කරන ක්‍රීඩිකාවක් වීම ද,ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි වශයෙන් උසස් අධ්‍යාපන කඩඉම් ද ජය ගැනීමට සූදානම් වන බව පෙන්වීමකි.එසේම එය අගය කළ යුතු තත්ත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...

පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීමේ වැඩි ප්‍රවණතාවයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...