රු. මි. 181 ක මත්ද්‍රව්‍ය සමඟ කැනේඩියානු කතක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 22 කොළඹ LNW:

අද අලුයම ගුවන් තොටුපළේ දී , හරිත මාවත ” ඔස්සේ රුපියල් මිලියන 181 වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොලේ “හරිත මාවත” ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ කැනේඩියානු කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව 37 හැවිරිදි කැනඩා ජාතික අයෙකි.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ මොන්ට්‍රියල් නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.

ඉන්පසු එතැන් සිට ඇය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 123 ක ප්‍රමාණය සගවා ගෙන රැගෙන විත් තිබේ.

මේ වනවිට මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා අවුරුද්දයි ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW:අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ජපානයෙ යන්න….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා උළෙල...

වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා...

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...