රු. මි. 181 ක මත්ද්‍රව්‍ය සමඟ කැනේඩියානු කතක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 22 කොළඹ LNW:

අද අලුයම ගුවන් තොටුපළේ දී , හරිත මාවත ” ඔස්සේ රුපියල් මිලියන 181 වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොලේ “හරිත මාවත” ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ කැනේඩියානු කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව 37 හැවිරිදි කැනඩා ජාතික අයෙකි.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ මොන්ට්‍රියල් නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.

ඉන්පසු එතැන් සිට ඇය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 123 ක ප්‍රමාණය සගවා ගෙන රැගෙන විත් තිබේ.

මේ වනවිට මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...