හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික ලේකම්ට ඇප

Date:

අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ශාන් යහම්පත් මහතාව අද (22) දහවල් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔහුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියම කළේය.

ශාන් යහම්පත් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතා සමග ජ්‍යේෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක, ජ්‍යේෂ්ඨ නීතීඥ සංජීව ඇන්තනි සහ ප්‍රදීප් ගමගේ යන මහත්වරුන් පෙනී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...