“Ozzy Osbourne (Prince of Darkness)” අන්ධකාරයට ආවඬයි!

Date:

සටහන – පුලී

ජූලි 22, කොළඹ (LNW): Black Sabbath හි ගායක Ozzy Osbourne වයස අවුරුදු 76 පසුකරමින් සිටිය දී මිය ගිය බව ඔහුගේ පවුලේ අය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගේ ආදරණීය ඕසි ඔස්බෝන් අද උදෑසන මිය ගිය බව වාර්තා කිරීමට සිදුවීම වචනවලට පෙරළීම වඩාත් දුකක් මෙන්ම ඔහු තම පවුලේ අය සමඟ ආදරයෙන් සිටි බවත්, මේ අවස්ථාවේ ඔවුන්ගේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඔවුන් සැමගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වීය.

ඔහු 2019 වසරේ සිට පාකින්සන් රෝගයට ගොඳුරුව සිටි බව හඳුනාගෙන තිබුණි.

Black Sabbath හි ප්‍රමුඛයා ලෙස සිය ගායන කෞශල්‍යයන් දැක්වූ ඔහු හෙවි මෙටල් දර්ශනයේ ඉදිරියෙන්ම සිටියේය. එය හාඩ් රොක් සංගීතයෙහි ගැඹුරත්වය ඉස්මතු කරන්නක් විය.

එම කාලය තුළ ඔහු “අන්ධකාරයේ කුමාරයා” යන අන්වර්ථ නාමය භාවිතා කළේ ඔහුගේ අනන්‍යතාව විඳහා දැක්වීමටය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...