හොර පාරෙන් ගෙන්වපු ජීප් රථයේ සිදුවීමට රෝහිතගේ බෑනා අධිකරණයට භාර වෙයි.

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා අද (24) මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ.

ආන්දෝලනාත්මක ජීප් රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහු එලෙස අධිකරණය වෙත භාර වී තිබෙන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතානගේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

ඔහු එම ජීප් රථයේ දෙවන ලියාපදිංචිකරු වන අතර එය මිලදී ගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයෙක් වූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙනි.

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද මෙම ජීප් රථය පිළිබඳ පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

එම ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.

පොලිසිය සැක පළ කරන්නේ එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවත්ය.

රසික විතාන විසින් ලබා දී ඇති සාක්ෂි අනුව රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය සහ ඇයගේ සැමියා සොයා කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද ඔවුන් නිවසේ නොමැති බවට පොලීසිය තහවුරු කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය: දෛනික පාඩුව මිලියන 75ක්. ජම්පර් කතාවත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන්...

විශේෂ ආර්ථික කලාපයක් ලෙස පෝර්ට් සිටි සංකල්පය සැබෑවක් කළ Bay One Residences!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : කොළඹ පෝර්ට් සිටි...

හැමතැනම පැටලිලා බංගලා ක්‍රිකට්

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව මේ...

ආර්ථික අර්බුදය මතක තබා ගන්න : IFC ශ්‍රී ලංකාවට පවසයි..

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාව ලබාගෙන...