ජෙට් යානය කඩා වැටීමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ඉන්දියාවෙන් වෛද්‍ය කණ්ඩායමක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): :

ඩකා අගනුවර උත්තරා ප්‍රදේශයේ මයිල්ස්ටෝන් පාසලට සහ විද්‍යාලයට හමුදා ජෙට් යානයක් කඩා වැටීමෙන් ළමුන් 25 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ජෙට් යානය කඩා වැටීමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා පිලිස්සුම් විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් බංග්ලාදේශය වෙත යොමු කරන බව ඉන්දියාව පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඛේදජනක ගුවන් අනතුරෙන් ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර ඇති අතර සහාය සහ ආධාර ලබා දෙන බවට පොරොන්දුවක් ද ලබා දී තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ගුවන් අනතුරින් විපතට පත් වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහාය ඇති පිළිස්සුම් විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් බංගලාදේශය වෙත යාමට නියමිත බවයි.

ඔවුන් අවශ්‍ය පරිදි ඉන්දියාවේ වැඩිදුර ප්‍රතිකාර සහ විශේෂිත ප්‍රතිකාර සඳහා නිර්දේශ සහිත රෝගීන්ගේ තත්ත්වය පිළිබඳව තක්සේරුවක් කරනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...

පාන්ට්ගේ අවධානය මකා මතු වූ රූට්ගේ අභිමානය

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ...