අමෙරිකානු මල්ලවපොර පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු මල්ලවපොර ශූරයෙකු වන හල්ක් හෝගන් (Hulk Hogan) අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට තෙතේම 71වන වියේ පසු වූ අතර ඔහු ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හි පිහිටි ඔහුගේ නිවසේදීම හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඔහුගේ කළමනාකරු තහවුරු කර ඇත.

1953 දී ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ටෙරී ජීන් බොලියා ලෙස උපත ලැබූ හොගන් 1977 දී ඔහුගේ වෘත්තීය මල්ලවපොර ජීවිතය ආරම්භ කර ඇත.

හෝගන් ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ වේදිකාවල කතාබහට ලක් වූ සුවිශේෂිත චරිතයක් වූ අතර ඔබුගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, තමාට හොඳ මිතුරකු අහිමි වූ බවත්, හෝගන් ශක්තිමත්, දැඩි, බුද්ධිමත්, නමුත් විශාලතම හදවතක් ඇති අයෙකු බවත්, ඔහු මගහැරෙන මුත් අමතක නොවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...