අමෙරිකානු මල්ලවපොර පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු මල්ලවපොර ශූරයෙකු වන හල්ක් හෝගන් (Hulk Hogan) අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට තෙතේම 71වන වියේ පසු වූ අතර ඔහු ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හි පිහිටි ඔහුගේ නිවසේදීම හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඔහුගේ කළමනාකරු තහවුරු කර ඇත.

1953 දී ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ටෙරී ජීන් බොලියා ලෙස උපත ලැබූ හොගන් 1977 දී ඔහුගේ වෘත්තීය මල්ලවපොර ජීවිතය ආරම්භ කර ඇත.

හෝගන් ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ වේදිකාවල කතාබහට ලක් වූ සුවිශේෂිත චරිතයක් වූ අතර ඔබුගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, තමාට හොඳ මිතුරකු අහිමි වූ බවත්, හෝගන් ශක්තිමත්, දැඩි, බුද්ධිමත්, නමුත් විශාලතම හදවතක් ඇති අයෙකු බවත්, ඔහු මගහැරෙන මුත් අමතක නොවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...