දෙහිවල වෙඩිතැබීමේ සැකකරු STF වෙඩි ප්‍රහාරයකින් මරුට !

Date:

පසුගිය 18 වනදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (ජුලි 25) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ STF නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිට තිබූ අදාළ සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවත් එම අවස්ථාවේදී STF නිලධාරීන් ද සැකකරුට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් ඇති බවත් ය.

සිද්ධියෙන් තුවාල ලැබූ STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් කර ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...