කාම්බෝජය තායිලන්තය සමඟ කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා සිටියි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා සටන් වලින් අනතුරුව කාම්බෝජය වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ මේ සමබන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, තම රට කොන්දේසි විරහිතව සටන් විරාමයක් ඉල්ලා සිටි බවත්, නොම් පෙන් ද ආරවුලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත්ය.

තායිලන්තය සටන් විරාම යෝජනාව පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති අතර ඔවුන් කාම්බෝජය සමඟ සටන් ආරම්භ කිරීමත් සමඟ කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

එක්සත් ජනපදය සතුරුකම් වහාම නැවැත්වීම, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ ගැටුම සාමකාමීව විසඳීම සඳහා ද ඉල්ලා ඇති අතර මේ සමබන්ධයෙන් අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (Asean) සභාපතිත්වය දරන මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම්, දෙරට අතර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට මීට පෙර ඉදිරිපත් වී තිබිණි.

කෙසේ නමුත්, තායි-කාම්බෝජ දේශසීමාවේ මතභේදාත්මක කොටසක් වටා කේන්ද්‍රගත වූ දශක ගණනාවක් පැරණි ගැටුම බ්‍රහස්පතින්දා(24) දේශසීමාවේ බිම් බෝම්බ පිපිරීමකින් තායි සොල්දාදුවන් පස් දෙනෙකු තුවාල ලැබීමෙන් පසු නැවත ආරම්භ වූ අතර පළමු වෙඩි තැබීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරන රටවල් දෙකෙහිම අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 130 දෙනෙකු තුවාල ලබා මේ වන විට දස දහස් ගණනක් අවතැන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (12) දවසේ තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 12) දිනයේදී බස්නාහිර සහ...

රටේ පොඩි දැරියන් සිහින දකින්නේ කවදාහරි ලක්මාලි හේමචන්ද්‍ර වගේ වෙන්නයි – අගමැති හරිනි

පාර්ලිමේන්තුව නරඹන මෙරට කුඩා දැරියන් සිටින දකිමින් සිටින්නේ ලක්මාලි...

වී වගාවේ පිරිවැය අදටත් වැඩියි. ඉහළ අස්වැන්නක් සඳහා නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන්...

කප්පම් නඩුව : ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු...