නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන,ප්‍රධාන ක්‍රීඩා සමාජ සහභාගිවන පන්දු වාර 50 තරගාවලියේ අවසාන තරගය සඳහා පිවිසීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වුණා.ඔවුන් අතින් පරාජයට පත් වුණේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයයි.ඒ අනුව ජූලි 27 වන දා පැවත්වෙන සීසීසී කණ්ඩායම සහ ටැමිල්යූනියන් කණ්ඩායම අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසාන තරගයේදී පොලිස් කණ්ඩායම හමුවීමට නියමිතයි.
ජාතික කණ්ඩායම නියෝජනය කරන ඇන්ජලෝ මැතිවිස්,දිනේෂ් චන්දිමාල්,අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ සහ ඩිල්ෂාන් මධුශංක වැනි ක්‍රීඩකයන් ද,මෑත කාලයේ කොදෙව් දූපත් හී සංචාරය කළ නැගී එන කණ්ඩායමට නායකත්වය දුන් ධනංජය ලක්ෂාන් ද සහිතව,අකිල ධනංජයගේ නායකත්වයෙන් යුත් කෝල්ට්ස් කණ්ඩායම තරගයේදී පළමුව පන්දුවට පහර දුන්නා.එහෙත් පොලිස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ වමත් දඟ පන්දු යවන දිලුම් සුදීර ලකුණු 36 ට කඩුලු 4 ක් ලබා ගනිමින් කෝල්ට්ස් ලකුණු පූවරුවට එහළට එසැවෙන්නට ඉඩ ලබා දුන්නේ නැහැ.ඔහුට අනගි සහයක් ලබා දුන් ධනුජ ඉඳුවර ලකුණු 24 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.
දඟ පන්දු යවන්නන්ට ගමන පහසු කරමින් ලකුණු ලබා ගැනීමට ඉඩ නොදෙන සේ සිය මදවේග පන්දුව හැසිර වූ චාරුක ප්‍රමෝද් ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගනිමින් ධනුජගේ සහ දිලුම්ගේ වික්‍රමයන්ට අවශ්‍යය පරිසරය සකසා දෙන්නට පෙරමුණ ගනු ලැබුවා.ඒ අනුව පන්දු ඕවර් 39 ක් තුළ කෝල්ට්ස් ක්‍රීඩකයින් සියල්ලම ලකුණු 143 ට සීමා කර ගන්නට පොලිස් කණ්ඩායමට හැකි වුණා.
පන්දුවට පහර දීමට පිවිසි පොලිසියට එරෙහිව දුනිත් වෙල්ලාලගේ,ඩිල්ෂාන් මධුශංක සහ අකිල ධනංජයගෙන් සැදුම්ලත් පන්දු යැවිමේ බල ඇණියක් එදිරිව නැඟී සිටියත්, දැනෙන තර්ජනයක් ඇති කරන්නට සමත් වුණේ වෙල්ලාලගේ පමණයි.ඔහු පන්දු ඕවර් 9.5 ක් යවමින් ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.අකිල පන්දු ඕවර් 10 යැවූ මුත් ඔහු එරෙහිව ලකුණු 50 ක් වාර්තාවීම හැරෙන්නට කඩුලු වාර්තා කර ගන්නට නොහැකි වුණා.
ඩිල්ෂාන් මධුශංක කඩුලු 2 ක් දවා ගත්ත ද,පන්දු ඕවර් 8 තුළ ලකුණු 41 ක් ද පොලිසීයට ලබා දෙන්නට වුණා.පොලිස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ද අතුළුව ලකුණු 46 ක් වෙද්දී කඩුලු 3 ක් අහිමි වූ තැන නායක අශේන බණ්ඩාර සහ විශාද් රන්දික කල්පනාකාරිය ගොඩ නැඟූ ආක්‍රමණික සබඳතාවය පොලිසියට ජය මාවත විවර කර දුන්නා.ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ලකුණු 49 ක් එක් කර තිබියදී ලකණු 36 ක් ලබා සිටි විශාද් දැවී ගිය ද,නොසැලී නොදැවී සිටි අශේන් බණ්ඩාර නායකත්වයේ ඉණිමක නියැලෙමින් නොදැවී ලකුණු 55 ක් ලබමින් තරගයේ තරගයේ 36 වන ඕවරයේ පස්වන පන්දුවේදී පොලිස් කණ්ඩායමට ජයග්‍රහණය උදා කරමින් දුනිත් වෙල්ලාලගේ ගේ පන්දු ඉදිරියේ 144 වන ලකුණු වාර්තා කරන්නට සමත් වුණා.ඒ වන විට පොලිස් කණ්ඩායමෙන් කෝල්ට්ස් ක්‍රීඩකයින් කඩුලු 6 ක් උඳුරාගෙන තිබුණා.
